කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වට්ස්ඇප් සමාජ මාධ්‍යයය භාවිතා කිරීමට සිඩ්නි අධිකරණය අවසර ලබාදී ඇත.එමෙන්ම ඔහුට රාත්‍රී කාළයේදී තමන් රැඳී සිටින නිවසින් පිටට යාමටද මෙහිදී අධිකරණය විසින් අවසර ලබාදී ඇත.
පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටට සහභාගි වී සිටින අතරතුර පසුගිය නොවැම්බර් 02 වැනිදා ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඔහු විසින් ලිංගික අතවර සිදුකළ බවට කාන්තාවක් විසින් පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුවයි. ඔහුට එහිදී චෝදනා 04 ක් එල්ලවී තිබිණ.
ඔහුට එහිදී කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් භාවිතා කිරීමට මුලින් අවසර නොලැබුණු අතර රාත්‍රී කාළයේදී නිවසින් පිටට යාමටද අවසර නොලැබිණී.
කෙසේ නමුත් ධනුෂ්කට වට්ස්ඇප් හැර අනෙක් කිසිදු සමාජ මාධ්‍ය ජාලයකට හෝ මිතුරු හමු යෙදුම් (Dating app) භාවිතා කිරීමටද අධිකරණය විසින් අවසර ලබා දී නොමැත.