කාන්තාතාවකට අතරව කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට කළ ඉල්ලීමට සිඩ්නි මහේස්ත්රාත් අධිකරණයෙන් අවසර ලැබී තිබේ.
ධනුෂ්ක ගුණතිලකට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදි මෙම ඉල්ලීම සිදුකර තිබේ. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයෙකුගේ නිවසක ඔහු මේ වන විට රැදී සිටිිි.
කෙසේ වෙතත් මෙම නඩු කටයුත්ත දිර්ඝ එකක් වනු ඇති බවත් ඒ අනව නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසත් කළ ඉල්ලීමකට මෙසේ අධිකරණයේ අවසරය ලැබී තිබේ. නඩුව නැවත වරක් ජනවාරි 12 වැනිදා කැඳවීමට නියමිතව ඇත.