ධනුෂ්ක ගුණතිලක හා සම්බන්ධ සිදුවීම කනගාටු සිදුවීමක් බවත් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා මෙය හොඳ පාඩමක් බවත් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසයි. ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමෙන් පසුව ඔහු මේ බව පැවැසීය.
“කනගාටුවට කරුණක්. අන්තිම තරගය ඉවරවෙලා රාත්‍රි යේ තමයි ඒ ගැන දැන ගන්න ලැබුණේ. අපි පහුවෙනිදා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණා. මාධ්‍යවල පළවෙලා තියෙන කරුණු තමයි අපිත් දන්නේ.පෞද්ගලිකව ක්‍රීඩකයන්ගේ හැසිරීම් ගැන ඔවුන් වගකීමක් භාර ගත යුතුයි.
අපි බලමු පරීක්ෂණවලින් මොකද වෙන්නේ කියලා. ඔහුටත් ඒ අවස්ථාව ලබාදිය යුතුයි. අවාසනාවන්ත සිදුවීමක්. කණ්ඩායමක් විදිහට ගියාම පුළුවන් තරම් නීතිගරුකව ඒ රටවල හැසිරිලා නැවත මව්බිමට එන එක. ඒ වගේ වෙලාවක ක්‍රීඩකයන් අතින් මේ වගේ දේවල් වෙන එක ඉතාමක් කනගාටුදායක කාරණයක්. නීතියට ඉඩ දීලා බලමු මේ ගැන මොකද වෙන්නේ කියලා.
මේ පළමු අවස්ථාව නෙමෙයි.වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් අතින් මේ වගේ දේවල් වෙලා තියෙනවා ඕන තරම් ලෝකයේ අනිත් රටවල. මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගත යුතුයි.
අපි පාසල් ක්‍රීඩකයන් එක්ක නෙමෙයි මේ තරගාවලිවලට යන්නේ. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් එක්ක. ඔවුන්ටයි ඒ වගකීම තියෙන්නේ. ඔවුන් ගන්නා තීරණවල වගකීම ඔවුන් අතේ.
කණ්ඩායමේ රාමුවක් තියෙනවා අපි හැසිරිය යුතු. ඒ ගැන වගකීමෙන් තමයි මුළු තරගාවලිය පුරාම අපි කටයුතු කළේ. අවාසනාවට මේ සිදුවීම අවසන් දවස් දෙක තුනේ තමයි මේ දේ වෙලා තියෙන්නේ. ගොඩක් කනගාටුවෙනවා කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන් ගැනත් මේ වගේ දේවල් සිදුවීම ගැන.
අපි බලමු ඒ රටේ නීතිය අනුව ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ක්‍රිකට් ක්‍රීඩාව හා මේ වෙච්ච සිදුවීම අතර සබඳතාවක් නෑ. ඕනෑම තරුණ ක්‍රීඩකයෙකුට මේක හොඳ පාඩමක්. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් කොහොමද හැසිරිය යුත්තේ කියලා. ඉදිරියේදී මේ වගේ දේවල් නොවෙන්න අපි ඉගෙන ගත යුතුයි.”