කාන්තාවකට අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
අත්අඩංගුවට පත්ව සිටින ධනුෂ්ක ගුණිතිලක වීඩියෝ තාක්ෂණය හරහා අද දිනයේදී සිඩ්නි අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඔහුගේ නීතිඥයින් විසින් තම සේවාදායකයාට ඇප ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව ඔහු තවදුරටත් රඳවා ගැනීමේ මධ්‍යස්ථානය තුළ තබා ගනු ඇත. ඊයේ දිනයේදීත් ධනුෂ්කට ඇප ඉල්ලීමක් සිදුකර තිබුණත් එයද ප්‍රතික්ෂේප කර තිබුණි.