ශ්‍රී ලංකා පිතිකරු ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඔස්ට්‍රේලියාවේදී ඔහුට එරෙහිව එල්ල වූ ස්ත්‍රී අපචාර නඩුවෙන් ධනිෂ්ක නිදහස්වීමත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව මෙම තහනම ඉවත් කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුළ ධනිෂ්කට මෙම චෝදනා එල්ල වූ අතර පසුව ඔහු අත්අඩංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරණි. ඉන් අනතුරුව පැවැති නඩු විභාගයෙන් ඔහු නිදහස් වූ අතර පසුව ඔහු පසුගිය 03දා යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.