සත්කරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්රි ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදිමට තීරණය කළේය.
මෙම තරගයට වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුශංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට රැගෙන විත් තිබේ. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවා 14.3කදී කඩුලු හතරක් දැවී ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.
ණුවනිදු ප්රනාන්දු 3, කුසල් මෙන්ඩිස් 0, ඇන්ජලෝ මැතිව්ස් 0, චරිත් අසංලක 9 දැවී ගිය ක්රීඩකයෝ වෙති.
පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 33 ක් රැස්කරගෙන නොදැවී පිටියේ රැදී සිටිති.