දකුණු අප්‍රිකානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩිකා දිනේෂා දේවනරේන් දකුණු අප්‍රිකානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිත්වයට පත් කර තිබේ. මීට අමතරව ඇයව එරට කාන්තා ක්‍රිකට් ජාතික ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙසදා පත් කර තිබේ.
ඇයට පැවරෙන රාජකාරි අතරට ක්‍රීඩිකාවන්ගේ සංවර්ධන ව්‍යුහයන් කළමනාකරණය කිරීමත් දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් කුසලතා සහිත ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමත් ඇතුළත් බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
දිනේෂා දේවනරේන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින තරග 29ක් සහ විස්සයි 20 තරග 22ක් ක්‍රීඩා කර ඇති අතර 2017 වසරේ සිට ජාතික ඇකඩමියේ සහකාර පුහුණුකරු ලෙස සේවය කරමින් සිටින්නීය. ඇයගේ මෙම නව පත්වීම වසර 03ක් බලපැවැත්වෙන පරිදි අත්සන් කර තිබේ.