සංචාරක ශ්රි ලංකාව සමගින් පැවැත්වෙන රාවල්පිණ්ඩි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකාව එක් කඩුල්ලක් දැවීලකුණු 54 ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහරදෙමින් සිටින අසාර් අලි ලකුණු 21 ක්හා ආබිඩ් අලි ලකුණු 31 ක් ලබා සිටියි. පාකිස්ථානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෂාන් මසූඩ් ලකුනු නොලබා ක්රීඩාගාරයට හරවා යැවීමට කසුන් රාජිත සමත්විය.
සත්කාරක පාකිස්තානය සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ධනංජය ද සිල්වා සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමටම සමත්විය. ධනංජය පන්දු 165 කදී සිය ශතකය වාර්තා කළ අතර ඒ සමගින් ශ්රී ලංකාව සිය ඉනිම අවසන කොට පාකිස්ථානයට පන්දුවට පහරදීමට තීරණය කලේය. ඒ වන විට ශ්රී ලංකාව කඩුළු 6 කට ලකුණු 308 ක් ලබා සිටියේය. ධනංජයද සිල්වා නොදැවී ලකුනු 102 ක් හා දිල්රුවන් පෙරේරා ලකුනු 16 ක් ලබා සිටියි. පෙරේදා (15දා) දිනය නිමා වන විට ශ්රී ලංකාව කඩුළු 5 කට ලකුණු 282 ක් ලබා සිටියේ පන්දුවාර 91.5 ක් තුලදීය. ධනංජයද සිල්වා එහිදී නොදැවී ලකුනු 87 ක්ද දිල්රුවන් පෙරේරා ලකුණු 6 ක්ද ලබා සිටියේය. රාවල්පිණ්ඩි හා පැවැත්වෙන තරගයේ 5 වැනි හා අවසන් දිනය අද වන අතර අද යහපත් කාළගුණ තත්වයක් දැකගන්නට ලැබේ.
ධනංජය ශතකය වාර්තා කළ අවස්ථාව
ඡායාරූප - ඕෂිත වරකපිටිය