බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි. කෙසේ වෙතත් ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් කිරිමට අධිකරණය නියෝග කළේය.
අලුත් කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගත්තේය. දිමුත් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරී අතර ඔහු නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත් නියෝග කෙරිණි.