කොදෙව් කණ්ඩායම විස්සයි20 තරග රටාව තුළ කිසිදු අවස්ථාවක අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බවත්, තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඔවුන් සතුව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය පිළිබඳ ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මාලිංග මේ බව පවසා සිටියේය.
විශේෂ සූදානමක් නෑ. මොකද මම හැරෙන්න අනෙක් සියලුම ක්‍රීඩකයන් එක්දින තරග ක්‍රීඩා කළා. ඔවුන් කන්ඩිෂන් එකේ දක්ෂතා අතරට ඇවිල්ලා තිබෙනවා. කෙසේ නමුත් විස්සයි20 කියන්නේ වෙනම ෆෝමෑට් එකක්. මං හිතනවා එක්දින තරග ක්‍රීඩා කළා වගේ ඔවුන් ඒ මානසිකත්වයෙන් මේ තරගාවලියේදීත් දක්ෂතා දක්වයි කියලා.
අපි තරග දිනනකොට හැම දේම හොඳට දකිනවා. තරග පරදිනකොට ඒ දේ දකින්න අමාරුයි අපිට. නමුත් මෙහෙම සතියකින් දෙකකින්, නැතිනම් මාස දෙකකින් සියලුම දේවල් වෙනස් කරන්න හැකියාව ක්‍රිකට් ක්‍රීඩාව තුළ නෑ. කොළඹදී අපිත් එක්ක පුහුණුවීම් කරපු මනෝජ් අබේවික්‍රම, ඒ වගේම රුවින් පීරිස්, රොමේෂ් රත්නායක සර්, එතකොට දැන් අලුතින් පුහුණුකරුවන් සිවුදෙනෙක් ඇවිල්ලා තියෙනවා. යනුවෙන් පැවසීය.
VIDEO