දිගින් දිගටම එක්දින පිටියේ අසාර්ථක වෙමින් සිටි පිතිකරු කුසල් මෙන්ඩිස් එංගලන්තයට එරෙහිව ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එක්දින තරගයේදි අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූයේය.
එය මෙන්ඩිස්ගේ 7 වැනි අර්ධ ශතකය වූ අතර පන්දු 33කදී ඔහු ලකුණු 56ක් රැස්කළේ හතරේ පහරක් හා හයේ පහර හයක් සමගිනි. කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කළේ ඉනිම 22කට පසුව වන අතර ඔහු අවසන්වරට 2017/06/30 දා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් රැස්කර තිබුණි.