නිමා වූ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් අසාර්ථක වූ බවත් ඔවුන් පළමු පන්දුවාර දෙක තුන තුළ දැවි ගිය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
එසේම මේ වන විට තරග තහනමට ලක්ව ඇති ක්‍රීඩකයන් තිදෙනා (නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක) හොඳ පිතිකරුවන් බවත් ලෝක කුසලානයක් නැවත වරක් 2022 වසරේදී පැවැත්වෙන හෙයින් මෙම ක්‍රීඩකයන් පිළිබඳව සළකා බැලීම වැදගත් බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් එයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ විනය අංක එක බවත් ඔවුන්ට පනවා ඇති තරග තහනම් ඉවත්වීමෙන් පසුව ජාත්‍යන්තර පිටියට පැමිණිය හැකි බවත්ය.
එසේම එළැඹෙන එල්.පී.එල්. තරගාවලියට ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ඇති බවද ඔහු පැවැසීය.