ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් හා පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඉරිදා රාත්‍රී 11ට පමණ ඩර්හැම් මාර්ගයක රැඳී සිටීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවෙයි.
ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු විමසා ඇති බවද දැනගන්නට තිබේ.
මූලිකම ඔවුන් දෙදෙනා තරගාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රොටෝකෝලය බිඳ දමා ඇත්දැයි මෙහිදී කණ්ඩායම් කළමනාකරුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.
මෙම තරාගාවලිය කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජෛව බුබුලක් ලෙස ක්‍රියාත්මකවන අතර මේ ආකාරයට ක්‍රීඩකයන් තමන් රැඳී සිටින හෝටලයේ පිටතට ගමන් කිරීම එම ජෛව බුබුලට බලපෑම් එල්ලකරනු ලබයි.