සංචාරක ශ්රි ලංකා ඒ කණ්ඩායම හා ඉන්දීය ඒ කණ්ඩායම අතර පැවැති තරග පහකින් සමන්විත වූ නිල නොවන එක්දින තරගාවලිය 2-2ක් ලෙස සමව අවසන් විය.
තරගාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින තරගය අද (15දා) පැවැතියේය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දුවාර 50කදී සියලු දෙනා දැවී ලකුණු 259ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ ශ්රී ලංකා ඒ කණ්ඩායම කඩුලු තුනක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 93කදී වේගවත් ලකුණු 111ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසින්ද සම්මාන ලැබීය.
තරගාවලියේ පළමු හා දෙවැනි තරගයන් ඉන්දීය ඒ කණ්ඩායම ජයගත් අතර තෙවැනි තරගය ශ්රී ලාකාව ජයගත්තේය. සිවුවැනි තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණ අතර පස්වැනි තරගය ශ්රී ලංකාව ජය ගත්තේය.