UPDATE
සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් පන්දුවාර 20 ක්රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 156 ක් රැස් කළහ. ශ්රී ලංකා කඩුළු 6 ක් ලකුනු 109 ක් තුළදි බිද වැටී තිබුණද හයවැනි කඩුල්ල වෙනුවෙන් දසුන් ශානක හා තිසර පෙරේරා පන්දු 23 කදී ලකුනු 46 ක සබඳතාවක් පැවැත්වීය. ශ්රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 31 ක්ද තිසර පෙරේරා පන්දු 13 කදී ලකුනු 21 ක්ද රැස් කලේය. පන්දු යැවීමෙන් ෆේබියන් ඇලන් කඩුළු 2 ක් දවාලීය. ශ්රී ලංකා - කොදෙව් දෙවැනි පන්දුවාර 20 තරගය ලෙස මෙය පල්ලෙකැලේ පිටියේදී පැවැත්වේ.
කොදෙව් කණ්ඩායම ශ්රී ලංකාවට වෙනස් ආරකින් අභියෝග කරයි
සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් පන්දුවාර 20 ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් බ.ඉ. කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්තාව මෙවර ශ්රී ලංකාවට ලබා දුන්නේ්ය.තරගය පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වේ. ශ්රී ලංකා කණ්ඩායමේ ඉසුරු උදාන වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට කැඳවා ඇති අතර කොදෙව් කන්ඩායමේ වෙනසක් සිදුවිි නොමැත. තරගාවලියේ පළමු තරගයේදීද කොදෙව්වන් කාසියේ වාසිය දිනා ගත් අතර එවර ඔවුන් පළමුව පන්දුවට පහරදෙමින් තරගය ජය ගැනිමට සමත්විය.