ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දෙවැනි වරටත් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර අද (02දා) ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වේ.
මෙම කණ්ඩායම් ද්විත්වයම අවසන් මහ තරගයකට සුදුසුකම් ලද පළමු අවස්ථාව මෙය වන අතර, පසුගියවර ශූරයින් මෙන්ම අනුශූරයින්ද අවසන් පූර්ව තරගවලින් ඉවතට විසිවිය.
ගාල්ල කණ්ඩායම සංගීත් කුරේද දඹුල්ල කණ්ඩායම මිනෝද් භානුකද මෙහෙයවයි.