එංගලන්තය පරදා තෙවැනි වරටත් රග්බි ලෝක ශූරතාව තමන් සතු කර ගැනීමට ද. අප්රිකාව සමත්විය. ජපානයේ යොකොහොමාහිදි පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් ලකුනු තත්වය දැක්වුනේ 32-12 ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය ලකුනු 12-06 ක් ලෙස ද. අප්රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය. ජයග්රාහී ද. අප්රිකාව වෙනුවෙන් මකසෝලේ ම්පිපි හා චෙල්සින් කොල්බි උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළ අතර එහි ප්රවර්තන ද්විත්වය හා දඩුවම් පහර 6 ක් සාර්ථක කර ගැනීමට හැන්ඩ්රේ පොලාඩ් සමත්විය. එංගලන්තය වෙනුවෙන් ඕවන් ෆැරල් දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගත්තේය.
ද. අප්රිකාව මීට පෙර 1995 , 2007 යන වර්ෂ වලදීද රග්බි ලෝක ශූරතාවට හිමිකම් කියා ඇත.