පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පහසුවෙන්ම කඩුලු 9කින් ජයග්රහණය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්රිකාව සමත්විය.
අර්ධ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 56ක් පමණි.
එම ඉලක්කය පන්දුවාර 8.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට දකුණු අප්රිකාව සමත්විය. ක්රිකට් ඉතිහාසය තුළ ලෝක කුසලාන තරගාවලි වල අවාසනාවන්ත කණ්ාඩයමක් ලෙස හැදින්වෙන දකුණු අප්රිකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන්නේ පළමු අවසථාවටය.