(UPDATE) සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78කින් පරජයට පත්කරමින් දෙරට අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්රහණය කිරීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය.
දකුණු අප්රිකාවෙන් එල්ල වූ ලකුණු 363ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 285ක් පමණි.
ශ්රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ධනංජයද සිල්වා ලකුණු 84ක් රැස්කිරීමට සමත්විය.දකුණු අප්රිකාව වෙනුවෙන් ලුන්ගි න්ගිඩි කඩලු හතරක් දවා ගැනීමට සමත්විය.
සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වන තෙවැනි එක්දින තරගයේ ශ්රී ලංකාවේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7කට ලකුණු 363ක් රැස්කිරීමට සමත්විය.
ඒ අනුව ශ්රී ලංකාව ජයග්රහණය කළ යුතුම තරගයේ ශ්රී ලංකාවට ලකුණු 364ක දැවැන්ත ජයග්රාහී ඉලක්කයක් හමිව තිබේ. මෙම තරගය ශ්රී ලංකාව පරාජයට පත්වුවහොත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට දකුණු අප්රිකා කණ්ඩායමට හැකියාව පවතී.
දකුණු අප්රිකාව වෙනුවෙන් හෂීම් අම්ලා (59), රීසා හෙන්රික්ස් (102), ජේ.පී. දුමිනි (92), ඩේවිඩ් මිලර් (51) පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්වූහ.
ශ්රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්රහාරයකට ලක්වූ අතර තිසර පෙරේරා කඩුලු හතරක් හා ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගැනීමට සමත්වූහ.
ඡායාරූප ශාන්ත රත්නායක