සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම සහ සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් රැස්කිරීමට සමත්විය.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල පන්දු 78කදී ලකුණු 69ක් රැස්කළ අතර ඇන්ජලෝ මැතිව්ස් පන්දු 111කදී නොදැවී ලකුණු 79ක් රැස්කරීමට සමත් විය. පිතිකරණයේදී වෙනත් කිසිදු ක්රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් නොවීම කැපී පෙනිණි.
දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලුන්ගි නිගිඩ් සහ ඇන්ඩිලි කඩුලු තුන බැගින් බිඳහෙළීමට සමත් වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක