සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 113ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එක් ඉනිමන් පන්දුවාර 37කට සීමා කිරීමට තරග තීරකයන් තීරණය කළේය.
ඒ් අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩාය පන්දු 37 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස් කළේය.
මෙහිදී මහීෂ් තීක්ෂන කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් අතර, ඔහු යොමු කළ පන්දුවාර 08 අවසානයේ ලකුණු 44ට කඩුලු 4ක් බිඳ හෙළුවේය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 30 පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 142ක් පමණී.
ඒ් අනුව තරග තුනකින් සමන්විත ඒක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේය.