මහනුවර ත්රිත්ව විදුහල හා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අස්ගිරිය ක්රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (13 – 14 ) පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්රිකට් තරගය කල්දමා ඇත. ත්රිත්ව විදුහලට රැස් වූ දෙවිදුහලේ විදුහල්පතිවරුන් ඇතුළු සංවිධායක මණ්ඩලය අද (12) මෙය තීරණය කරේය.
රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තරගය පැවැත්වීම අවධානම් සහගත බව විදුහල් බලධාරීන් ගේ මතය විය . එසේ හෙයින් ලබන සතියේ දින දෙකක කිසිදු ප්රේක්ෂකයෙකු හෝ දෙමාපියන් නොමැතිව මහා ක්රිකට් තරගය පැවැත්වීමට පාසල් දෙකේ බලධාරීන් තීරණය කළේය.