එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට එක්වීමට නියමිතය.
මේ සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය හා පාකිස්තාන ක්රිකට් ආයතනය එකඟතාවකට පැමිණ තිබේ.
පාකිස්තානයේදී ශ්රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ මේ ආකාරයෙන් වැඩිම තරග ප්රමාණයකට ක්රීඩා කරන්නේ පළමු අවස්ථාවටය.
මීට පෙර ශ්රී ලංකා කණ්ඩායම තිසර පෙරේරාගේ නායකත්වයෙන් පාකිස්තාන සංචාරයකට එක්විය.
එක්දින තරග තුන සැප්තැම්බර් 27,29 හා ඔක්තෝබර් 2 දා පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැත්වීමට නියමිත අතර විස්සයි20 තරග තුන ඔක්තෝබර් 5,7 හා 9 දා ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතය.