ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකරන පරික්ෂණයෙන් ක්‍රිකට් තරඟ පාවාදිම් හෝ වෙනත් දුෂණයක් ගැන මෙරට කිසිඳු ක්රිඩකයෙකුට කිසිම චෝදනාවක් මෙතෙක් තහවුරු වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රිඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
මේ දිනවල ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රචාර පැතිරෙන බැවින් එහි සත්‍යතාවයක් තිබේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් දුෂණ වචා සම්බන්ධයෙන් වාර්තාවක් රජයට ලබාදී නැහැ. සියළු විමර්ශන ඔවුන් කරන්නේ රහසිගතවයි. පරික්ෂණ අවසන් වුණත් ඔවුන් පරික්ෂණය සිදුවන රටට එම වාර්තාව ලබා දෙන්නේ නැහැ.
ඔවුන් පරික්ෂණ අවසානයේ කරුණු හෙළිදරව් කොට දඩුවම් කරන එක තමයි කරන්නේ. එතෙක් කිසිවක් කියන්නේ නැහැ.”