ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂන් ඔස්ට්‍රේලියවේ පුරවැසිභාවය ලබාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අදාළව පසුගිය 24 දා පැවැති උත්සවයකදී ඔහු මෙසේ එරට පුරවැසිභාවය ලබාගෙන තිබේ.
මීට වසර කිහිපයකට පෙර ඩිල්ෂාන් ඇතුළු පවුලේ උදවිය එරට පදිංචිය සඳහා පිටත්ව ගියේය. ඩිල්ෂාන්ගේ වැඩිමහල් දියණිය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටියි.