ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරාටකෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අදපුවත්පතට වාර්තා වේ. කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ආරංචි මාර්ග පවසා සිටියේ ඩිල්රුවන්ට තාවකාලික තරග තහනමක් පැනවෙනු ඇති බවයි.
මෙලෙස ඩිල්රුවන් පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ ඔහු ක්‍රීඩාපිටිය තුළදී අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ කළමනාකරුට පහරදීමට තැත් කිරීම හේතුවෙන් බවයි කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ආරංචි මාර්ග තහවුරු කර සිටියේ.
මේ අනුව ඩිල්රුවන් පෙරේරාට තාවකාලික තරග තහනමක් පනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට නියමිත බව අනාවරණය වේ.