සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
ඒ දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජය පරායෙන් තොරව අවසන් වීම හේතුවෙනි.
කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 377ක ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි දිනයට තරගය නිමා කරන විට පන්දුවාර 79කදී කඩුලු දෙකකට 193ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව තරගය ජය පරායෙන් තොරව අවසන් විය. තරගාවලියේ වීරයා ලෙස සුරංග ලක්මාල් නම් වූ අතර තරගයේ වීරයා ලෙස ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සම්මාන ලැබීය.