පාකිස්තානයේ යළිත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් මේ වසර අගදී නැවත පාකිස්තානයේ තරග කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයේ ආරක්ෂාව සළකා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක දූත පිරිසක් ලාහෝර් සහ කරච්චි නුවරට ගිය අතර එම නිලධාරීන් විසින් පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්ව ඇති බවද එම මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අවම වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයකට හෝ පාකිස්තානයේ සංචාරය කිරිමට වැඩි ඉඩක් පවතී.
2009 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් කණ්ඩායම් බස් රථයට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ මේ දක්වා ටෙස්ට් තරගයක් පවත්වා නොමැත.