සත්කාරක නවසලීන්ත කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණු පරාජයක් අත්විදීමට සිදුවිය.
ඒ ටෙස්ට් තරගයකදී ලකුණු ප්‍රමාණය හා සලකා බැලීමේදී ශ්‍රී ලංකාව අත්විදි දරුණතම පරාජය මෙම තරගයේදී ලැබූ හෙයිනි.
එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 423ක පරාජයක් අත්විදි අතර ලකුණු සංඛ්‍යාව හා සැසදීමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් පරාජය වූ පළමු අවස්ථාව මෙය වෙයි.
ලකුණු සංඛ්‍යාව හා සැසදූ විට 1928 වසරේදී එංගලන්තය ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 675ක ජයක් ලබාගෙන තිබේ. එය වැඩිම ලකුණු පරතයක් සහිතව තරගයක් ජය ලැබූ කණ්ඩායම් අතර ඉදිරියෙන් පසුවන වාර්තාවයි. නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 423ක ජයග්‍රහණය එම සටහනේ අටවැනි ස්ථානයට පත්ව තිබේ.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 660ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 236ක් පමණි. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය නවසීලන්තය ලකුණු 423කින් ජයග්‍රහණය කිරීමට සමත්විය.
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පිටියේදී තරගය අද (30දා) අවසන්විය.
නවසීලන්තය පළමු ඉනිම 178/10
ශ්‍රී ලංකාව පළමු ඉනිම 104/10
නවසීලන්තය දෙවැනි ඉනිම 585/4 d
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 236/10