ශ්රී ලංකා ගොල්ෆ් සම්මේලනය විසින් සංවිධානය කළ ජාතික කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක අංශයේ ශූරතාව නිරේක් තෙජ්වානි විසින් දිනා ගත්තේය. එහි බාලිකා අංශයේ ශූරතාව දිනා ගත්තේ ටානියා මිනෙල් බාලසූරියයි. මෙම තරගාවලිය පුරා දින 3 ක් (6,7,8) කොළඹ රාජකීය ගොල්ෆ් සම්මේලන මූලස්ථානයේදී පැවැත්විණි. තරගාවලියේ බාලක අංශයේදී නිරේක් විසින් රන් (අවු. 15-18) ඉසව්වේ ශූරතාව දිනා ගත්තේය. එමෙන්ම බාලිකා රන් අංශයේ ශූරතාව ටානියා විසින් දිනා ගත්තේය.