ලෝ ප්‍රකට බොක්සිං තරු දෙකක් වන ඇමෙරිකානු ජාතික මයික් ටයිසන් හා ඉවැන්ඩර් හොලිෆීල්ඩ් නැවතත් බොක්සිං පිටියේදී ප්‍රතිවාදීන් වන ලකුණු පෙන්නුම් කර තිබේ.
ඒ පෙරමෙන් හෙවිවේට් ශූරතාවට නොව, ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකටය. මේ සම්බන්ධයෙන් හොලිෆීල්ඩ් හා ටයිසන් දෙදෙනාම යහපත් ප්‍රතිචාර මතු කොට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත. ටයිසන් හා හොලිෆීල්ඩ් යන දෙදෙනාම හිටපු හෙවිවේට් බොක්සිං ලෝක ශූරයන් වේ.
මොවුන් දෙදෙනා මීට පෙර බොක්සිං පිටියේදී අවස්ථා දෙකකදී හමුවී ඇති අතර, ඒ අවස්ථා දෙකේදීම ජය හිමි වී ඇත්තේ හොලිෆීල්ඩ්ටය.
කෙසේ වෙතත් මොවුන් දෙදෙනා අතර 1996 වර්ෂයේ ලෝක බොක්සිං සම්මේලන ලෝක හෙවිවේට් ශූරතාව වෙනුවෙන් පැවැති තරගය කාගේත් අවධානයට යොමු වූවක් විය. ඒ එම තරගයේදී ටයිසන් විසින් හොලිෆීල්ඩ්ගේ කන සපා කෑම හේතුවෙනි. මේ හේතුවෙන් ටයිසන්ව තරගයෙන් අවලංගු කොට හොලිෆීල්ඩ්ට ශූරතාව ලබා දීමට තීරකයන් ක්‍රියා කළහ.