එළැඹෙන ජුනි මස පළමු වැනිදා තෙක් වෘත්තීය ක්‍රීඩා ඇරඹීම පමා කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ. පිටු 50ක මාර්ගෝපදේශන ලේඛනයක් බ්‍රිතාන්‍ය රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එංගලන්තය හුදෙකලා කිරීමේ පියවර ලිහිල් කිරීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි විස්තර කර තිබේ.
ඒ අනුව එක්සත් රාජධානිය ඔවුන්ගේ වෘත්තීය ක්‍රීඩා ඇරඹීම එළැඹෙන ජුනි මස පළමු වැනිදා තෙක් පමා කිරීමට තීරණය කර තිබේ.
මෙම මාර්ගෝපදේශන ලේඛනයට අනුව අදාළ සැලැස්මේ දෙවැනි පියවර වශයෙන් මහා පරිමාණ සමාජ සම්බන්ධතා හා අවදානම වළක්වා ගනිමින් සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් පැවැත්වීම සඳහා ජුනි මස පළමු වැනිදා අවසර හිමිවේ යනුවෙන් දක්වා තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය (11දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැති බොරිස් ජොන්සන් පැවසූයේ ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමට හැකිවීම ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යයට බෙහෙවින් ඉවහල් වන බවයි.
මීට අමතරව අදාළ මාර්ගෝපදේශන ලේඛනයේ දැක්වෙනුයේ ක්‍රීඩා පිටි වැනි විශාල ජනකායක් ආකර්ෂණය වන ස්ථාන නැවත විවෘත කිරීම ආසාදන සංඛ්‍යාව අඩු වීම මත පදනම්ව පමණක් කළ යුතු බවටය.