කැන්ඩි ෆැල්කන්ස් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුණු 24 කින් පරාජයට පත් කරමින් අඛණ්ඩව තෙවැනි වරටත් එල්.පී.එල්. තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා කිංග්ස් සමත්විය.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ (21) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීණී.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය. ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 143 ක් රැස් කලේය. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුනු 35 ක් රැස් කලේය. පන්දු යැවීමේදි විජයකාන්ත් වියස්කාන්ත් කඩුළු 3 ක් දවා ගත්තේය.
අනතුරුව ලකුනු 144 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 11 කදී ලකුනු 21 ක් රැස් කලේය. කෙසේ වෙතත් ජැෆ්නා ඉනිමට වර්ෂාවෙන් කිහිප විටක්ම බාධා පැමිණුන අතර අවසන් වරට වර්ෂාව නිසා තරගය නතර කරන විට ඔවුන් කඩුළු 3 ක් දැවී ලකුණු 98 ක් රැස්කරගෙන සිටියේ පන්දුවාර 11 කදීය. ඔවුන්ට ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ඒ වන විට රැස්කරගත යුතුව තිබුනේ ලකුනු 75 ක් පමණි.
තරගයේ වීරයා සම්මානය පන්දුවෙන් දස්කම් දැක්වූ විජයකාන්ත් වියස්කාන්ත්ට හිමිවිය. ජැෆ්නා කණ්ඩායම එල්.පී.එල්. තරගාවලියේ පසුගිය අවස්ථා දෙකේදීම ජයග්‍රාහකයින් ලෙසින් කිරුළු පැළඳීය.
පරාජිත කැන්ඩි කණ්ඩායම මේ අනුව අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් අද (21දා) රාත්රියේදී ගෝල් ග්ලැඩියේටර්ස් හා කලම්බු ස්ටැලියන්ස් අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයින් සමගින් හෙට (22දා) තරග වැදිය යුතුවේ.