නවසීලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජැමින්සෙන්ට මෙම සතියේ තවත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ශල්‍යකර්මය සිදුකළහොත්, ඔහුට තවත් මාස තුන හතරක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදුවනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
පසුගිය වසරේ ජූනි මාසයේදී එංගලන්තය සමග පැවැති තරගාවලිය අතරතුරදී ජැමින්සෙන්ගේ පිටෙහි අස්ථියක් බිඳී යාම හේතුවෙන්, කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවිය. අනතුරුව ඉන්දියාව සමග මවුන්ට් මවුන්ගනිහිදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට ඔහු නැවතත් එක්වීමට නියමිතව තිබුණත්, ආබාධයකට ලක්වීම නිසා එය අවලංගු විය. ඔහුට ඇතිවී ඇති ආබාධය ශල්‍යකර්මයක් මගින් සුව කිරීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරු විසින් තීරණය කර ඇත.
මේ හේතුවෙන් ජැමින්සෙන්ගේ සුව වීමේ කාලය පිළිබඳ තවමත් නිශ්චිත නොමැති අතර, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් පවසන්නේ ඔහුට සුව වීමට දිගු කාලයක් අත්‍යාවශ්‍ය බවයි.
නවසීලන්ත තණතීරුවලදී විශේෂඥ වේගපන්දු යවන්නෙකු ලෙස දක්ෂතා දක්වා ඇති ජැමින්සෙන් ඉනිම් 31කදී කඩුළු 72ක් බිඳහෙලීමට සමත් වී ඇත. සිය 9වැනි ටෙස්ට් තරගයේදී කඩුළු 50 සීමාවට පැමිණි ජැමින්සෙන්, නවසීලන්තය වෙනුවෙන් එම සීමාවට වේගයෙන්ම පැමිණි පන්දුයවන්නාද වේ.