ජාතික ක්රීඩා සංගම් 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්රීඩා හා යෞවන කටයුතු ඇමති හරින් ප්රනාන්දු මහතා අති විශෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.
අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.