ශ්‍රී ලංකාවේ ප්‍රථමවරයා ජනතාවගේ අදහස් හරහා නොගනගන ජාතික ක්‍රීඩා ප්රතිත්තියක් වෙනුවෙන් අදහස් ලබාගැනීම මේන විට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනතාව හමුවීමට ගොස් ඔවුන්ගේ අදහස් ලබාගන්නා අතරම සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට තම අදහස් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් වෙනුවෙන් ලබාදිය හැකි බවයි.
“අපි ලංකාවේ පළමු වතාවට ක්‍රිඩාව දියුණු කරන්න ජනතාව අතරට ගොස් අදහස් ලබාගනිමින් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
මෙහිදි ගම්වලට ගොස් ජනතාවගේ අදහස් ලබාගැනීම, ක්‍රීඩා සමාජයන්ගේ අදහස් ලබාගැනීමට කටයුතු කරනවා. ඉන් නොනාවතී ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම් හරහා එක් එක් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ප්‍රතිපත්ති හා යෝජනා භාර ගැනීමටත් කටයුතු කරනවා.”