කෝවිඩ් - 19 වෛරසය සමග ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල නීති කිහිපයක් තවකාලිකව සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
- යම් ක්‍රීඩකයෙකු තරඟයක් අතරතුර කෝවිඩ් - 19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෙනත් ක්‍රීඩකයෙකු අවසාන 11 දෙන අතරට ආදේශ කිරීමට හැකි වන අතර එම නීතිය වලංගු වන්නේ ටෙස්ට් තරඟ සඳහා පමණක් වේ.
- කේඨය යොදා පන්දුව පිරීමැදීම සිදු කර විනිසුරුවන් විසින් විනිසුරුවන් විසින් අනතුරු ඇඟවීම් සිදු කිරීමෙනුත් පසුවත් එම වරද නොකඩවා සිදු කරන්නේ නම් පිතිකරණයේ යෙදන කණ්ඩායමට ලකුණු 5ක් පිරීනැමීට විනිසුරුවන්ට බලය පැවරී ඇත.
- ජාත්‍යන්තර තරඟ සඳහා නිළධාරීන් පත් කිරීමේදී විනිසුරුවන් සහ තරඟ තීරකවරුන් අදාල තරඟ පැවැත්වෙන සත්කාරක රටෙන් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අනුමැතිය ලැබී ඇත.
- ටෙස්ට් තරඟ සඳහා එක් ඉනිමකදී කණ්ඩායමට විනිසුරු තීරණ අභියෝග ලක් කිරීමට (DRS) අවස්ථා දෙක අවස්ථා තුනක් දක්වා වැඩි කර ඇති අතර එක්දින තරඟවල සහ විස්සයි විස්ස තරඟවල එම අවස්ථාව දෙකක් දක්වා වැඩි කර ඇත.