කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ දක්ෂ ක්‍රීඩිකාවක් වන කෞෂල්‍යා මධූෂානි සියදිවි හානිකර ගෙන තිබේ. ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඇය මිය යන විට 27 හැවැරිදි වියේ පසුවූවාය.
කුලියාපිටිය පදිංචිව සිටි ඇය 2014 ආසියානු කණිෂ්ට ශූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම හා 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම ද දිනාගෙන තිබේ.