ජපාන ෆෝමියුලා වන් තරගයේ ජයග්‍රහණය හිමි කරගැනිමට වැල්ටෙරි බොටාස් සමත්විය.
මෙම ජයත් සමගින් බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම කණ්ඩායම් ශූරතාව හිමිකර ගැනීමටද සමත්විය.
තරගයේ දෙවැනි ස්ථානය සෙබස්තියන් වෙටල්ට හිමිවූ අතර තෙවැනි ස්ථානය ලුවිස් හැමිල්ටන්ට හිමිවිය.
කෙසේ වෙතත් තවමත් ෆෝමියුලා ලෝක ශූරතාවලියේ රියදුරු ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියෙන්ම පසුවීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩක ලුවිස් හැමිල්ටන් සමත්ව සිටින්නේය.