ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල කල් දැමීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ කොවිඩ්-19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
මෙම වසරේ අප්‍රේල් මස 06 වන දින බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබුණි.
"ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල" රටේ පවතින වර්තමාන තත්වය මත කල් දැමීමට සිදුවූ බව එහි සභාපති සමන් අමරසිංහ මහතා 'අද' පුවත්පතට පැවසුවේය.
මෙම ක්‍රීඩා සම්මාන උළෙල නැවත පවත්වන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව අමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.