තම සහෝදර ක්‍රීඩකයෙක් තමන් පිළිබඳව කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් තමන් පිළිබඳව වැරදි වැටහීමක් ඇතිවීමට ඉඩ ඇති බව සඳහන් කරමින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් තිසර පෙරේරා සිය ෆේස් බුක් ගිණුමෙන් දීර්ඝ සටහනක් තබා තිබේ.
මේ ඔහුගේ එම සටහනයි
මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිළිබඳව පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිළිබඳ වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිළිබඳව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණය කළා.
ඔහු සඳහන් කල කාරණය තරගාවලියක් අතරතුර සිදූවූ කාරණයක් නිසා එවැනි දේ පිළිබඳව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිළිගත් සම්ප්රදාය නොවුණත් මාගේ සහෝදර ක්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබඳව සත්‍ය ප්රාකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නොමැත.
2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහුගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කළමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ.
එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළෙමි. එයට හේතුව කණ්ඩායමක් තුළ ආරක්ෂා කළයුතු විනයයි (Discipline).
කණ්ඩායම සමග සoචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැදීසිටී . මා එදා එයට එකඟවූවේ නම් අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ තිබිණ. නමුත් විවාහකයකුට දැන දැනම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුළ තබා ගැනීමට ඉඩ දීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයින්ට ලබා දෙන වැරදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධී ක්‍රියාවකි.
මේ කතාවේ සත්‍ය මෙපමණයි.
කිසිවෙකු සමග පෞද්ගලික තරහක් මා හට කිසිසේත්ම නැත. විනය යනු කණ්ඩායමක් තුළ තිබිය යුතුම දෙයකි. වගකිව යුතු ක්‍රීඩකයෙකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම එය ඕනෑම කණ්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරයි.
හැමදේම දක්ෂතාවය මත පමණක්ම තීරණය නොවේ. මා එදා ඉටු කලේ මාගේ යුතුකම හා වගකීමයි.
අපගේ ජ්‍යෙෂ්ඨයින්ගේ අප ආදර්ශයට ගත් දේ වගේම ; බිරිද , දරුවන් හැර වෙනත් පිටස්තරයින් සoචාරයක් තුළහෝටල් කාමරයේ තියාගැනීම ද අපගේ නීති සහ රෙගුලාසි වලට මෙන්ම සදාචාරයටද පටහැනිය.
ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමජිකයෙකුට වුවද ක්‍රීඩා විවේකාගරයට( Players' Dressing Room) ඇතුල්වීමට කිසිම අවසරක් නැත. එය වෙන්වන්නේ ක්‍රිඩකයින්ට හා කණ්ඩායමේ කළමණාකාරිත්වයට පමණයි. අප හැම දන්නා හා ගරුකරන නිතීය එයයි.
මේ තීරණ මා හා කන්ඩායම් කලමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක කිසිසේත්ම මාගේ බිරිද විසින් ගත් තීරණ නොවේ. ඔහු විසින් නම් කර ඇති ක්‍රිඩකයින් ගෙන් මාගේ බිරිද එවැන්නක් ඔවුන්ට පැවසූවාද නැද්ද යන්න හොඳම පිළිතුර ඇත්තේ ඒ ක්‍රිඩකයින් ලගයි.
ක්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇත.
එසේම පුද්ගලික කාරණාවක් පිලිබදව අදහස් ප්රාකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිමි .
මොහු පවසන පරිදි , මාගෙ මේ සහෝදර ක්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කනුගාටුවට කරුණකි. නමුත් එය කිසීසේත් එලෙස සිදු නොවූවකි.
කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
- තිසර පෙරේරා -