ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. පසුව එය වසරකට අත්හිටුවීමට ඔවුන් පියවරගෙන ඇත.
ඒ ඔහු පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුරදී විනය නීති කඩකිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙනි. ඔස්ට්‍රේලියාවේදී පැවැත්වූ මෙම ලෝක කුසලානය අතරතුරදී චාමික සිදුකලේයැයි ඔහුට එල්ලවූ සියළුම චෝදනා වලට චාමික වරද පිළිගෙන ඇත.
මීට අමතරව ඇ.ඩො. පන්දහසක (රුපියල් 18 ලක්ෂ විසිදහසක) දඩමුදලක්ද ඔහුට පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.