එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදීම ක්රිකට් තරගාවලියක් ජය ගනිමින් ඉතිහාසගත වාර්තාවක් පිහිටවීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත්වූහ. ඒ දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ශ්රී ලංකාව ජය ගනිමිනි.
මෙහි තෙවැනි හා අවසන් තරගය ඊයේ (06දා) පැවැති අතර එහිදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කන්ඩායම සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කළ අතර ශ්රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 17කදී කඩුලු තුනක් පමණක් වැය කර පසුකර ගියේය.
තරගයේදී ශ්රී ලංකා නායක චමරි අතපත්තු පන්දු 28කදී ලකුණු 44ක් හා ලකුණු 21ට කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව ඇය තරගයේ වීරවරිය ලෙසද සම්මාන ලැබීය.
එසේම තරග තුනේදී ඇය ලකුණු 114ක් හා කඩුලු පහක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව තරගාවලියේ විරවරිය ලෙසද ඇය සම්මාන ලැබීය.
මෙම තරගාවලි ජය ශ්රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඕනෑම ආකාරය ක්රිකට් තරගාවලිවලදී ලබාගත් පළමු තරගාවලි ජයග්රහණය වෙයි.