ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ කාන්තා තරගාවලිය සඳහා ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තුව කැඳවා තිබේ. උත්තර ප්ර දේශ් වොරියරස් කණ්ඩායම නියෝජනය කළ ලෝරන් බෙල් වෙනුවට මෙසේ චමරි අතපත්තු කැඳවා තිබේ. අතපත්තු ඇයගේ මූලික මිල වන ඉන්දීය රුපියල් ලක්ෂ 30 (ඇමරිකානු ඩොලර් 36,000 පමණ) වටිනායකමට කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබේ
“මම කණ්ඩායමට මගේ උපරිමය ලබා දීමටත් ප්රධාන පුහුණුකරු ජෝන් ලුවිස් සහ නායිකා ඇලිසා හීලි සමඟ සමීපව කටයුතු කිරීමටත් මගේ කණ්ඩායමට කීර්තිමත් ශූරතාව ලබා ගැනීමට උදව් කිරීමටත් බලාපොරොත්තු වෙනවා,” අතපත්තු පැවසීය.
ශ්රී ලංකා නායක අතපත්තු WPL 2024 වෙන්දේසියේදී අලෙවි නොවීය. ඇය පසුගිය වසරේ විස්සයි20 තරග 16 කදී ලකුණු 470 ක් රැස්කරගෙන තිබේ.