කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් වැරදිකරු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. කෙසේ වෙතත් ඔහුට ලබාදෙන දඬුවම් කුමක්දැයි යන්න ඉදිරියේදී තීරණය කෙරෙණු ඇති බව අයි.සී.සී. ය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
