Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැවැති තරගවලින් වැඩිම ජයග්‍රහණ ලබාදුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නොපැවැත්වෙන බව මේ වනවිට ගාල්ල ක්‍රීඩාංගණයේ පරිපාලනය භාරව සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ මහතා 'අද' පුවත්පතට පැවසීය.
මෙම තීරණය ගෙන ඇත්තේ අද (17දා) උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති හමුවකින් අනතුරුවය.
මෙම තීරණයට අනුව ඉදිරි දින දෙක තුන තුළදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවතින ගොඩනැගිලි ඉවත් කිරීමට නියමිත අතර, ගාල්ල ක්‍රීඩාංගණය කිලෝමීටර් 15ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට රැගෙන යෑමට නියමිතය.
ගාලු කොටු පවුර ඓතිහාසික වැදගත්කමකින් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කර තිබීම හේතුවෙන් 2007 වසරේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට සාකච්ඡා කෙරිණි.
ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ගාල්ල මහනගර සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළද එම සාකච්ඡා මේ වනවිට අසාර්ථක වී තිබේ.
කෙසේ වුවද ගාල්ල ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නියෝජිතයෙක් අදට සඳහන් කළේය.
popular news
රුක්මාල් Tuesday, 17 July 2018 10:56 PM
එන්න අපි ආයෙත් නාමු... සතියේ නෑම..
Reply : 2 44
Champa Wednesday, 18 July 2018 01:25 AM
මේ මොන පිස්සුවක්ද? මේවා ඔක්කොටම වියදම් කලේ මහජන මුදල්. දේශපාලකයන්ගේ බූදල් වලින් නෙමෙයි. මේ විදියට හදනවයි විකුනනවයි හදනවයි කඩනවයි කරන්න ගිහාම එකම දේට මහජන මුදල් දෙපාර තුන්පාර වියදම් කරනවා. මේ රටට වෙලා තියෙන විපත්තිය මේක. ආණ්ඩු වෙනස් වෙන වෙනස් වෙන සැරේට හැම දේම වෙනස් කරනවා. කලින් ආණ්ඩුව හදාපුවැයි බොරුවට වැරදි කිය කිය එකම දේ ආපහු කරනවා. හැම දේම කරන්නේ කොමිස් ගහන්න. මේක දැන් රහසක් නෙමෙයි. ඊළඟ මහ මැතිවරණෙට මේ ඉන්න UNP කාරයෝ බාගෙට බාගයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. සෑහෙන කොටසක් රට යනව. මෙහෙ ඉන්නෙත් නැහැ. ඒ හින්ද මේ ඉතුරු මාස ගානට කරන්න හදන මේ වගේ අනවශ්‍ය මහජන මුදල් නාස්ති වලට මහජනතාව විරුද්ධ වෙන්න ඕනේ.
Reply : 3 70
Jayarathna Wednesday, 18 July 2018 10:18 AM
කොටින්ම කියනවනම් මුන් ඔක්කෝටම හොඳටම පිස්සු. මුන්ට චන්දෙ දෙන අපිට මුන්ට වඩා පිස්සු.
Reply : 3 28
Kovitha Wednesday, 18 July 2018 12:32 PM
මෙහෙම නෙව්ස් අපි විස්වාස කරන්න තරන් පිස්සුද මෙය බොරු කතාවක් , නිකන් බොරු ප්‍රචාර දාන්න එපා
Reply : 149 0
Deepal Nirosh Wednesday, 18 July 2018 01:47 PM
මේ මොන අපරාධයක් ද? ගාල්ල කගරයට සිසිලත් අලංකාරයත් එක් කරමින් මේ තාක් ශ්‍රී ලංකා පිලට වාසිදායකව හැසිරුණු මේ වගේ ක්‍රිකට් තණතීරුවක් මේ ස්ථානයෙන් ඉවත් කරන්නෙ ඇත්තටම යුනෙස්කෝ එකේ වුවමනාවට ද? ගාලු උරුමයට හානියක් කියා කියනවනම් යුනෙස්කෝ එකේ නිර්දේශ ලබාගෙන ක්‍රීඩාංගනය ඒ අනුව නවීකරණය කරන්න පුළුවන්. අනෙක තිබෙන සූරියවැව ක්‍රීඩාංගනයත් හරිහැටි නඩත්තු කර ගන්න බැරුව තවත් ක්‍රීඩාංගනයක් ඉදිකරන්නෙ කාගෙ වියදමින් ද? කරුණාකරල මේ ඓතිහාසික මහජන උරුමය හා මහජන මුදල් නාස්තිය වළක්වාගමු.
Reply : 1 64
dhamneth Wednesday, 18 July 2018 01:57 PM
යු නෙස්කොව දැකල නැද්ද ක්‍රිකට් පිටනිය ගාලු කොටුව අසල තිබෙනවා ,මේක ලෝක උරුමයක් කරන්න කලින්
Reply : 1 37
Gayan Wednesday, 18 July 2018 08:04 PM
Attatama hodi maka ainkranaka.dan amatiwaruna wada naha..etin mahama dayak karala hari keyak hari hoyagana.namakut dagana..bank akata saili tekakut dagana..lami tikat rata yawala...elaga chandata kalin ratin panala gihila wana ratakara wala jewat wanapuluwan........etin elaga chandadi apa menisunt puluwan taman kanati kanakuta chanda dila..ayawa dinawala...amati kanak karala..ayat ma pitaniya tibunu tanatama ganna...atakota apa minisunta job tikak hambanawa pitaniya hadanakan...eti balanako apa amitiwaru kochara hobaida keyala minisunta job hambanawa..ma pitaniya wana tanakata ganichahama..ayat elaga para matanatama ganawahama hamadama job tiyanawa...eti mama hitana apa amitiwaru mola kalpana karala wada karanawa....mamanm kamati..apa rata diyunu wanawana...
Reply : 0 0
කෝලිත Thursday, 19 July 2018 08:07 PM
පුදුම වෙන්න දෙයක් මෙි කාලකන්නිංගෙ පාලනටයෙන් කලේ අපේ දෙවල් එකඑක නැතිනාස්ති කරපුඑක...
Reply : 0 33
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd