කෝපා ඇමරිකානු පාපන්දු තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ආර්ජන්ටිනාවට ලබාදීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය (CONMEBOL) තීරණය කර ඇත.
පාපන්දු ක්‍රීඩාවේ හඳවත ලෙස සැලකෙන දකුණු ඇමරිකානු කලාපයේ, පැවැත්වෙන දැවැන්තම හා ප්‍රධානම පාපන්දු තරගාවලිය ලෙස මෙම කෝපා ඇමරිකානු පාපන්දු තරගාවලිය සැලකෙයි.
කෙසේ නමුත් පසුගිය වසරේ උත්ගත වූ %කෝවිඩ්-19^ වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ජන්ටිනාව හා කොළොම්බියා එක්ව පැවැත්වීමට කටයුතු යොදා තිබූ මෙම තරගාවලිය වසරකින් කල්දැමීමට සංවිධායකයන්ට සිදුවිය. නමුත් වත්මන් %කෝවිඩි-19^ ව්‍යසනයත් සමඟ කොළොම්බියාවට තවමත් තරගාවලියට සිය සත්කාරකත්වය ලබාදීමේ අපහසුතාවකට ලක්ව සිටීම හේතුවෙන්, ඔවුන්ව සම සත්කාරකත්වයෙන් ඉවත්කිරීමට දකුණු ඇමරිකානු පාපන්දු සංගමයට සිදුවිය.
ඒ අනුව මෙම තරගාවලිය ආර්ජන්ටිනාවේ පූර්ණ සත්කාරකත්වය යටතේ එළබෙන ජූනි මස 13 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර, එහි අවසන් මහා තරගය ජූලි 10 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
ආර්ජන්ටිනාව, බ්‍රසීලය, උරුගුවේ, කොළොම්බියාව, පැරගුවේ, ඉක්වදෝරය යනාදි ලෝක පාපන්දුවේ ප්‍රධාන රටවල් රැසක් කෝවා ඇමරිකානු ශූරතාව වෙනුවෙන් තරගවඳිනු ලබයි.