ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්ගේ අගනා ශතකයත් , වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා ලකුනු 109 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ දෙවැනි තරගය ලෙස මෙය පැවැත්විනි.
තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ඒක් කඩුල්ලක් දැවී ලකුනු 199 ක දැවැන්ත ලකුනු පුවරුවක් ක්‍රියාත්මක කළහ. කැන්ඩි ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් පන්දු 67 කදී ලකුනු 102 ක් රැස් කලේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් හා හයේ පහර 3 ක් ඇතුලත්විය. ඔහුට අගනා සහයක් ලබා දුන් පැතුම් නිශ්ශංක පන්දු 41 කදී ලකුනු 71 ක් රැස් කලේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් හා හයේ පහර 2 ක් ඇතුලත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායමට පන්දුවාර 14.3 කදී සියළුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුනු 90 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුළු 4 ක් බිඳ දැමුවේ කඩුළු ත්‍රිත්වයක්ද ඒ් අතරට ඇතුලත් කරමිනි. තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්ට හිමිවිය.