කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධායක මනු සාව්නි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ ඇත්තේ පෙරේදා (27දා) 'ටෙලිකොන්ෆරන්ස්' මගින් පැවති සිය සාමාජික අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේදීය. එමෙන්ම මෙම වසංගතය ගෝලීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කර ඇති බලපෑම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාක්ච්ඡා කර තිබේ.
'අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම සිදුවීම සම්බන්ධව හදිසි සැලසුම්කරණය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, වසංගතයට සම්බන්ධ විවිධ අවස්ථා මත පදනම්ව අපට ලබා ගත හැකි සියලු විකල්ප ගවේෂණය කිරීමට සාමාජිකයින් සමඟ කටයුතු කිරීමට අපේක්ශා කරනවා' යැයි එහි ප්‍රධාන විධායක මනු සාව්නි මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.