එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ජොස් බට්ලර් පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී භාවිතා කළ සිය ක්‍රීඩා ඇදුම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත. ඒ ලෝකය පුරා පැතිරීයන කොරෝනා වෛරසය මැඩලීමට අරමුදල් රැස් කිරීමටය.
මේ බව සිය ට්විටර් ගිණුමේ සඳහන් කරමින් බට්ලර් පවසන්නේ මෙම ජර්සිය අලෙවි කිරීමෙන් ලැබෙන සමස්ථ මුදල් එංගලන්තයේ රෝහල් දෙකකට ප්රදානය කිරීමට බලාපොරොත්තු වන බවයි. එමගින් අදාළ රෝහල් වල තිබෙන ජීවිතාරක්ෂක උපකරණ හිගයට පිළිතුරු සපයා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
මේ වන විටත් ‘ඊ-බේ’ වෙබ් අඩවියේ වෙන්දේසියේ තබා ඇති බට්ලර්ගේ ජර්සියට බ්‍රිතාන්‍ය පවුම් පනස් දහසකට (රුපියල් කෝටියක්) අධික ලංසු ඉදිරිපත් වී ඇත.
පසුගිය එක්දින ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙස කටයුතු කළ බට්ලර් එහිදී කණ්ඩායමේ ජයග්‍රහණයට සුවිශේෂි කාර්යභාරයක් කලේ අවසන් තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුනු 59 ක් රැස් කරමිනි. හෙතෙම එහිදී තරගයේ තීරණාත්මක දුවද්දී දවා ගැනීමක්ද සිදු කිරීමට සමත්විය.
අද (01) උදෑසන වන විට ලොව කොරෝනාවෙන් වැඩිම බලපෑමට ලක්වූ රටවල් 10 අතර සිටින එංගලන්තයේ ආසාධිතයින් විසිපන්දහසකට අධික ප්‍රමාණයක් වාර්තාවූයේ මරණ සංඛ්‍යාව එක්දහස් අටසීයයකට ආසන්න වෙමිනි.